Sunday, June 26, 2016

අපවත් වී වදාල සෝභිත හිමිගේ විශේෂ නිවේදනයක් ලෙස සලකා මෙම අායාචනය යහපාලන ලැදි දේදුනු විප්ලවයේ පාර්ශවකාර සියල්ලෝම ඉතාමත් නිහතමානීව පිලිගනිත්වා.

පුවතක් - 

මෛත්‍රී බලයට ගෙනා සිවිල් සංවිධාන සහ ජනාධිපති කෙටවීමට කුරුඳු පොලු පහර කෑ සර්පයාගේ කුමන්ත්‍රණයක්..! මහාචාර්ය සරත් විජේසූරිය ජනාධිපතිට කම්පාව සහ විරෝධය පළ කරයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.25, ප.ව‍‍‍‍‍‍.11.30)
http://www.lankaenews.com/news/4191/si

දේදුනු විප්ලවයේ කොටස්කාර පාර්ශවයේ ඉහත ප්වෘත්තියට වැඩිමනත් වශයෙනි... 
===============================================
අපවත් වී වදාල සෝභිත හිමිගේ විශේෂ නිවේදනයක් ලෙස සලකා මෙම අායාචනය යහපාලන ලැදි දේදුනු විප්ලවයේ පාර්ශවකාර සියල්ලෝම ඉතාමත් නිහතමානීව පිලිගනිත්වා.
===============================================

බොහෝමයක් මනුශ්යයින් ඉහල තලවලට පිවිසෙන විට නැතහොත් මහාචාර්ය පට්ටම් වැනි තනතුරු තානාන්තර හිමිවන විට ඒ අයගේ සංයමයත් උපේක්ෂා සහගත භාවයත් ගිලිහී ගොස් ටිකක් නිකම් අප්සැට් ගතියක් අැති සෙසක් නැතහොත් ලද බොලඳ ලමා ගතියක් ඔවුන් තුලින් දෘශ්යමාන වන්නට පටන් ගනී. මෙය මහත් අවාසනාවන්ත තත්ත්වයකි. 

එනිසා සෝභිත හිමිගේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ජීවමාන විධායක තනතුරින් පිදුම් ලත් අපේ උගත් මහාචාර්ය තුමා මෙවන් චූටි කාරනාවන් හට ඔතරම් විශාල මාධ්යය ප්රකාශ නිකුත් කිරීම නොවටී.

ඔබ තුමානන් හට සියල්ලටම පෙර සිදු කිරීමට තිබුනේ මෙවන් වූ මහාචාර්යය වරයෙකුට නොගැලපෙනා වැඩ නාෙකොට ජනාධිපතිවරයාට කෙලින්ම දුරකතන අැමතුමක් ගෙන තත්ත්වය පැහැදිලි කර ගැනීමය. 

ඉන් පසුව අවශ්යය නම් පමනක් අදාල පුවත සම්බන්ධයෙන් මාධ්යයට නිවේදනයක් නිකුත් කිරීමට තිබුනි. කවදත් බාල වැඩ කරනා නිලධාරීන් සහ කවදත් බාල පුවත් මවන කැලෑ පත්තර කාරයින්ගේ විගඩම් සහ පච පුවත් නිසා ජනාධිපතිවරයා සහ ඔබ තුමන්ලා අතර පවතිනා සංහිඳියාවත් එකිනෙකා වෙනුවෙන් පවතින්නා වූ ගෞරවයත් හානි කරගත යුතු නැත. විශේෂයෙන් එවැනි දෑ එකිනෙකාගේ පෞරුෂයන් හටද නොගැලපේ. 

සියල්ලටම සිනාසෙන්නට කල්මරමින් සිටිනා දූෂිත නඩයට උඩගෙඩි දෙන මෙවන් අදුරදර්ශී වැඩ අප සැම අතින් බැරිවීමකින් හෝ සිදු නොවීමට යහපාලන ලැදි සබුද්ධික සැවොම මින් මතුවටවත් වග බලා ගත යුතුය.

අප අතර තිබිය යුත්තේ මෙවන් වූ ලද බොලඳ මැසිවිලි හෝ චෝදනා නොව... ඔබ සැමගේම ජීවිත පරදුවට තබා දිනාගත් දේදුනු විප්ලවය අවසන් අධියර තෙක් සාක්ෂාත් කරලීමට අවශ්යය අවවාද,අනුශාසනා සහ බුද්ධි තොරතුරු (සිඟන්නාගේ තුවාලය වන් සැමදා ජීවත් වීමට හැකි විවිධ පච විකුණලා ගාන බෙදාගෙන සවසට තැබෑරුමේදී සෙට් වන බාල පත්තරකාරයින් සහ කතුවරුන් විශ්වාස නොකොට) නිරතුරුවම අපි සහ අපව විශ්වාස කරනා මෙවන් වූ අන්තර්ජාල මාධ්යය ඔස්සේ අදාල ග්රාහකයා වෙත කෙලින්ම යාවත්කාලීන කරමින් අඛණ්ඩ අාත්ම විශ්වාසයෙන් යුතුව එකිනෙකා සතුරා හමුවේ හුදෙකලා නොවී මෙහෙයුම අවසන් අධියර තෙක් කණ්ඩායමක් ලෙස එකාවන්ව කටුයුතු කිරීමට අවශ්යය විශ්වාසය ගොඩනගා ගැනීමය.

නොඑසේව දශක ගනනාවක් පුරා වල්වැදි රටක් මාස 18 කින් ගොඩ ගත්තේ නැතැයි යන අඤ්ඥාණවන්ත නොඉවසීමේ නැතහොත් මඳක් ඉවසීමට නොහැකි නුගුණය (දියුණු නොකල ගුණය) නිසා අත පුලුස්සා ගන්නේ නැතිව සිටීම කෙතරම් වටීද.

අපවත් වී වදාල සෝභිත හිමිගේ විශේෂ නිවේදනයක් ලෙස සලකා මෙම අායාචනය යහපාලන ලැදි දේදුනු විප්ලවයේ පාර්ශවකාර සියල්ලෝම ඉතාමත් නිහතමානීව පිලිගනිත්වා.

සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා චිත්ත නියෝගය පරිදි සටහන තැබූ වගයි.

ඉතාමත් ස්තුතියී.
තුණුරුවන්ගේ පිහිටයි සියළු දෙවි රැකවරනයි.
සෝභිතාවතාර විශ්වයේ සිට අාශිර්වාද කරනා වගයි.
2016/06/26

No comments:

Post a Comment